ඩෙංගු මර්ධනයට ඔස්ට්‍රෙලියාවෙන් සහාය

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ඩෙංගු වසංගත තත්වය මර්ධනය කිරීමට ශී‍්‍ර ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ඔස්ටේ‍්‍රලියාවේ උපරිම සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා විදේශ ඇමතිණි ජුලි බිෂොප් මහත්මිය පවසා තිබේ.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍යවරය අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ.

රජය කි‍්‍රයාත්මක කර තිබෙන ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රුපියල් මිලියන 58 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ඔස්ටේ‍්‍රලියා රජය කටයුතු කරන බවත්, ඔස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සහයෝගයෙන් ඩෙංගු මදුරුවා නිෂ්කී‍්‍රය කරන වොල්බැචියා බැක්ටිරියාව ශි‍්‍ර ලංකාවට හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 118 ක මුදලක් ඔස්ටේල‍්‍රියා රජය විසින් වැය කරීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top