යාපනයේ සිට නුවර බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක්

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) යාපනය සිට නුවර බලා ධාවනය වූ ලංගම බස් රථයකට ඊයේ (21) දින රාත්‍රී ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බවට කිලිනොච්චිය පොලීසියේදී පැමිණිළි කර තිබේ. කිලිනොච්චිය දිස්ත්‍රික්ක රෝහලට ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් මෙලෙස ප්‍රහාරයක් සිදුකළ බව පැවැසේ.

කිලිනොච්චිය පොලිස් වසමට හා මාන්කුලම් පොලිස් වසමට අයත් එ9 මාර්ගයේ ගමන් කළ වාහන කිහිපයකට ද මෙලෙස නාඳුනන පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර ඇති බවට කිලිනොච්චිය හා මාන්කුලම් පොලිසයට පැමිණිළි කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය හා මාන්කුලම් පොලිසය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වැඩිදුර විමර්ශණ කටයුතු ද ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top