කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක් ගින්නෙන් විනාශයට

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ පිහිටි විදුලි උපකරණ අලෙවි සැලක ඇතිවූ ගින්නකින් වෙළඳසැල විනාශයට පත්ව තිබේ. අද අළුයම 2ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැහැ.

කුලියාපිටිය ගිනි නිවිමේ ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න සම්පුර්ණයෙන් නිවා දැමිමට කටයුතු කර තිබේ. ගින්නෙන් සිඳුවූ හානිය රුපියල් කෝටි තුනක් පමණ වන බව වාර්තාවේ. සිද්ධිය සම්බන්දයෙන් කුලියාපිටිය පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top