ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීමට සෞදි අරාබියේ සහාය

තෙල් කර්මාන්තය දියුණුවට සෞදි සහාය- සෞදියේ රාජකීය කුමරු ඇමති අර්ජුන හමුවෙයිශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීම සඳහා සෞදි අරාබියේ පූර්ණ සහාය ලබා දෙන බව සෞදි අරාබියේ රාජකීය කුමරු ෆහාඩ් බින් මක්රීන් බින් අබ්දුලාසිස් මැතිතුමා අවධාරණය කරයි.

මෙරට ඛනිජ තෙල් පිරිපහදු කිරීම් කර්මාන්තය යාවත් කාලීන කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය සම්පත් ලබා දීමේ හැකියාවද සෞදි අරාබියේ ව්‍යවසායකයින් සතු බවද ඔහු පෙන්වා දෙයි. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය (22) හමු වූ අවස්ඒථාවේදීය.

එම හමුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ.

හමුවෙන් පසුව සෞදි අරාබියේ රාජකීය කුමරු ෆහාඩ් බින් මක්රින් බින් අබ්දුලාසිස් මැතිතුමා ඇතුළු දූත පිරිස සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top