නුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද ආරම්භ වෙයි…

අද (24) දින ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර මංගල්‍යයන් පෙරවරු 6.58ට කප් සිටුවීමෙන් අනතුරුව අාරම්භවිය.

ඒ් අනුව දේවාළ පෙරහැර ද ප්‍රථම කුඹල් පෙරහැර ලබන 03 වන දිනද පැවැත්වීමට නියමිතව අැති බවත් දින පහක් පුරාවට කුඹල් පෙරහැර වීථී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහැර වීථී සංචාරය කිරීම ආරම්භ කරන අතර අවසන් රන්දෝලි මහ පෙරහැර ලබන 07 වන දා රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

අනතුරුව ඓතිහාසික මහවැලි ගංතොටේ දී දිය කැපීමෙන් පසුව ලබන 08 වන දින මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතව අැති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top