නල්ලූර් ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ ප්‍රධාන සැකකරු පොලිසියට භාර වෙයි!

යාපනය මහධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් ඉලක්ක කර තැබු වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද(25) පෙරවරු යාපනය පොලිස් ස්ථානයට භාරවී තිබේ. පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්දන් නැමැත්තා මෙලෙස පොලිසියට භාරවී තිබේ.

හිටපු කොටි සාමාජිකයෙකු වන ඔහු පුනරුත්ථාපනය ලබා නොමැති බවත්, අදාළ පුද්ගලයා පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

පසුගිය 22 වන දා සිදුවු මෙම වෙඩි තැබීම නිසා මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරීයෙකු තුවාල ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top