යාපනයේ වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් නිලධාරියාට උසස් වීමක්

යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා, උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පොලිස්පතිවරයා විසින් ඔහු උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා මෙලෙස උසස් කර ඇත. යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේනියන් මහතාට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව පසුගිය දා ජීවිතක්ෂයට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top