තෙල් සේවකයන්ට වහාම සේවයට වාර්තා කරල ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

සියළුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (25) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව වර්ජනයේ නිරත සේවකයන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා තිබේ.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය පවසයි.

මේ අතර, ඛනිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල කටයුතු සඳහා හමුදාව මැදිහත් වී ඇතැයි යුද හමුදාව පවසයි. රජය පවසන්නේ තෙල් සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය ගැන සිතා මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top