කතරගම සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් පෙරළීමෙන් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අම්පාර, මල්වත්ත, කිලිවට්ටි ප්‍රදේශයේදී බස් රථය මෙලෙස අනතුරට ලක්වී තිබේ. රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව වාර්තාවේ. තුවාල ලැබූ මඟීන්ව අම්පාර, කල්මුනයි සහ සම්මාන්තුරයි රෝහල්වලට ඇතුලත් කර තිබේ.