පෙරහැර සඳහා අලි ඇතුන් 15ක් තාවකාලිකව මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝග

බලපත්‍ර රහිතව, නීති විරෝධී ආකාරයට පන්සල්වල සහ පුද්ගලික ස්ථානයන්හි රඳවා සිටියදී සොයා ගන්නා ලද අලි ඇතුන් 15 දෙනෙකු ශ්‍රී දළදා මාලිගාවේ හා සතර මහා දේවාලවල පෙරහැර සඳහා තාවකාලිකව මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කරන ලදී.

රුපියල් මිලියන 10 බැගින් ඇප බැඳුම්කර මත හෙට (27) සිට ලබන අගෝස්තු 15 වැනිදා තෙක් කාලය සදහා මෙම අලි ඇතුන් මුදා හරින්නැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇති අතර වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ භාරයේ සිටින මුළු අලි ඇතුන් ප්‍රමාණය 21 ක් වන බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top