පාර්ලිමෙන්තුවේ ඇති වූ උණුසුම්කාරි තත්වයෙන් අනතුරුව සභාව කල් තැබේ

අද (26) පාර්ලිමේන්තු රැස්වීම තුළ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් මත සභාවේ කටයුතු කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් ප්‍රකාශ පළ කරන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කිරීමෙන් ඇති වූ වාදවිවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර, කතානායකවරයා විසින් සභාවේ කටයුතු විනාඩි 10 ක් කාලයකට අත්හිටුවන ලදී.

අනතුරුව සභාව යළි රැස් වුවද විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් දිගින් දිගටම එල්ල වූ බාධා හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට උදෑසන 10.30 දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top