විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.
පසුගිය 25 වැනි දින පැවැති කැබිනට් මණ්ඩලය වෙත මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබුණි. විසුම්පාය තම නිල නිවස ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීම, විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් අලුතින් ඇති කිරීම සහ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයෙන් පාලනය කෙරෙන වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සමාගමට පැවරීම යන කැබිනට් පත්‍රිකා තුනක් රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.