වත්මන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
කෝප් කමිටුව සිය පළමු වාර්තාව මඟින් රාජ්‍ය ආයතන 19ක ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සභාව කල් තැබීමේ විවිදායක් ඉල්ලා තිබේ.
25 වැනිදා සවස 2 සිට රාත්‍රි 7.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතය. කෝප් කමිටුවේ සභාපතිත්වය උසුලන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ය.
– Global Tamil News : Sinhala