වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වු සාමූහික ගිවිසුමට අද (18) පස්වරුවේ අත්සන් තබා තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ කම්කරු සංගමය යන වතු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේදී මෙම ගිවිසුමට අද අත්සන් තබා තිබේ.
ඒ අනුව, මේ අනුව 620ක්ව පැවති ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 730ක් දක්වා ඉහළ යනු ඇති.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේ අවස්ථාවට මලික් සමරවික‍්‍රම, ජොන් සෙනෙවිරත්න, නවීන් දිසානායක, මහින්ද අමරවිර, රවි සමරවිර යන ඇමතිවරුන් සහභාගි වී ඇත.
– Global Tamil News : Sinhala