වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළට

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සතියක් තුළදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,635 කින් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සෙනසුරාදා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දැක්වුණේ එක් ලක්ෂ එක් දහස් හයසිය අනූ අටක් ලෙසිනි. එම සංඛ්‍යාව අද වනවිට එක් ලක්ෂ එකොලොස් දහස් තුන්සිය තිස් තුන දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 23,574 කි. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,688 ක් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,576 කි.

මේ අතර කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, ත්‍රීකුණාමලය වැනි දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top