රාජීව් ගාන්ධි ඝාතනය නොවුනා නම් ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙන්නට තිබුණා – සම්බන්‍ධන්

ඉන්දිය අග්‍රාමාත්‍ය රාජීව් ගාන්ධි මහතා ඝාතනයට පත් නොවුනා නම් ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙන්නට තිබුණා යැයි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළ හැකි බව හෙතෙම විශ්වාසය පළ කර තිබේ.

මේ අපේ රට, ස්වයං පාලන බලය තිබේ, අපි මේ රටේ පුරවැසියන් යන හැඟීම ඇති කිරීමට නම් සුදුසු බලය බෙදීමක් අවශ්‍ය බව හෙතෙම පෙන්වාදී තිබේ.

ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන උනන්දුව හුදෙක් ආර්ථික, උපායාත්මක වශයෙන් නොවන බවත්, අසල්වැසි රටක් යන සැබෑ උනන්දුවකින් බවද සම්බන්‍ධන් මහතා ඉන්දිය මාධ්‍යකට අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top