විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක් නැහැ – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

වියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක් සිදු වන්නේ නැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.

විදුලිය නිෂ්පාදනය කරන ජල ධාරිතාව 36‍% දක්වා අඩුවී ඇති බවත්, නොරෙච්චෝලේ තාප බලාගාරයේ මෙගවො. 300ක් නිපදවන එක් යන්ත්‍රයක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තිබෙන අතර, පෞද්ගලික බලාගාරයක් වන සොජිස්ටිස් බලාගාරයේ මෙගවො. 60ක් අලුත්වැඩියාවක් සඳහා නතර කර ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.

තවද විදුලිය සැපයීම සම්බන්ධයෙන් ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී තිබෙන බවත් දෛනික විදුලි ඉල්ලුම ගිය වසරේ මෙම කාලයට වඩා 10%කින් ඉහළ ගොස් ඇති බවත්, කෙසේ නමුත් විදුලිය කප්පාදුවක් හෝ ව්දුලි බිල වැඩි කිරීමක් සිදු නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top