විද්‍යුත් විදේශ ගමන්බල පත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කරයි..

ඉදිරියේදී විද්‍යුත් විදේශ ගමන්බල පත්‍රයක් (e-passport) හඳුනවා දීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ඊයේ දින පැවැති කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාව අනුමත වූ බව අමාත්‍යවරයා පවසා තිබේ.

ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයේ අයිතිකරුගේ ජීව දත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් චිපයක් (Chip) ද ඇතුළත් කරනු ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top