රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමේ පනතට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබයි

රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමේ පනතට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. ඉකුත් වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස නව සම්බාධක පනවා ඇත.

රුසියාවට මෙන්ම, ඉරානය හා උතුරු කොරියාවට පැනවූ සම්බාධක ද මීට ඇතුළත්ය. ජනාධිපතිවරයා පනතට අත්සන් තැබීමත් සමග එය නීතියක් බවට පත් වේ. අමෙරිකාව, රුසියාව සමග පූර්ණ වෙළෙද යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීම සම්බාධකවලින් අර්ථවත් වන බව රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙෆ් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top