එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ලබන දෙසැම්බර් මස 5 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහා අධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මිය විසින් අද (19) නියෝග කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී කූට ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.
පසුගිය මැතිවරණ සමයේදී එජාපයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද ලබාගත් තිස්ස අත්තනායක මහතා, එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි කියමින් ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කකර තිබුණි.
කෙසේ නමුත් අදාළ ලේඛනය ව්‍යාජ ලියවිල්ලක් බව චෝදනා එල්ලවී ඇති අතර, කූට ලේඛන සකස් කිරීම සම්බන්‍ධයෙන් ඔහුට එරෙහිව පවරා තිබේ.
– Global Tamil News : Sinhala