විද්‍යා දැරිය ඝාතන නඩුව අවසන් අදියරේ, ආරක්‍ෂාව තර කිරීමට නියෝග!

යාපනය, පුංකුඩිතිව් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන නඩුවේ සැකකරුවන් 9 දෙනාගේ ආරක්‍ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයි යාපනය බන්‍ධනාගාර අධ්‍යක්‍ෂවරයා වෙත යාපනය මහාධිකරණය නියෝග කර තිබේ.

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්‍ධ නඩුව යාපනය මහධිකරණයදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරේ. නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය කිරීමේ කටයුතු අවසන්වී තිබෙන අතර, නඩුවේ සැකකරුවන්ගේ ආරක්‍ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන්ට ආහාර, ජලය ඇතුළු සියල්ල බන්‍ධනාගාරය විසින් පමණක් ලබාදිය යුතු බවත්, අධිකරණ පරිශ්‍රය තුළ සැකකරුවන්ව හමුවීමට කිසිවකුට අවසර ලබා නොදිය යුතු බවත්, සැකකරුවන්ගේ ඥාතීන්ට ඔවුන්ව හමුවිය හැක්කේ බන්‍ධනාගාරයේදී පමණක් බවද යාපනය බන්‍ධනාගාර අධ්‍යක්‍ෂවරයා වෙත විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වැනි පටුමග ප්‍රදේශයේදී 2015 මැයි මස 13 වැනිදා පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top