රුපියල් කෝටියක් වටිනා රන් බිස්කට් සමඟ පොලිස් කොස්තාපල් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා රන් බිස්කට් දහසයක් පොලීසියට නොදන්වා ළග තබාගත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. රන් බිස්කට් එකක වටිනාකම රුපියල් ලක්‍ෂ හයක් පමණ වන වාර්තාවේ.

පසුගිය ජූලි මස 26 වනදා මන්නාරම පේසාලයි මුහුදු තීරයේදී ඉන්දියාවට රැගෙන යෑමට තිබූ රන් බිස්කට් 16ක් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අපරාධ පරික්‍ෂණ නිළධාරින් යැයි පවසා එම කොස්තාපල්වරුන් එම රන් බිස්කට් තොගය රැගෙන ගොස් තිබේ. මේ සම්බන්‍ධයෙන් රන් බිස්කට් තොගය අහිමිවූ පුද්ගලයා මන්නාරම පොලිසියට කළ පැමිණිල්ලකින් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top