මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට

මත්තල ගුවන් තොටුපොළ ඉන්දියානු ආයෝජකයෙකුට බදුදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ සඳහා වූ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පවසයි.

ඉන්දියානු අයෝජකයා සමඟ වූ සාකච්ඡාව ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බව ද හෙතෙම පවසා තිබේ.

පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට රුපියල් කෝටි 4000ක් පමණ වියදම් කර ඇති බවත්, එහි මාසිකව ණය ගෙවීම සඳහා ලක්‍ෂ 3000ක් මුදලක් අවශ්‍ය වන නමුත් මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම ලක්‍ෂ 40ක් බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top