හුසෙයින් බෝල්ට් පරදවා ජස්ටින් ගැට්ලින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වෙයි..

2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත්වී තිබේ.

අද (6) අලුයම පැවැති මෙම තරඟයේදී ජස්ටින් ගැට්ලින් තත්පර 9.92කින් ධාවන ඉසව්ව නිම කර රන් පදක්කමද, අමෙරිකාවේම ක‍්‍රිස්ටියන් කොලිමාන් තත්පර 9.94 ක කාලයක් වාර්තා කරමින් රීදි පදක්කම ද දිනා ගැනීමට සමත්වූහ.

බොහෝ දෙනාගේ අවධානය දිනා සිටි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ට මෙම ඉසව්වේ දී තත්පර 9.95කින් සිය ධාවන ඉසව්ව නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top