අනන්‍යතාවය තහවුරු කිරීමේ ලියකියවිළි නැහැ – තරුණයන් 12ක් විශේෂ කාර්‍ය බළකායෙන් අත්අඩංගුවට

යාපනය කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බව පවසා තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන කෝප්පායි පොලිසියේ රඳවා තබා ඇත.

අත්අඩංගුවට පත්වූ තරුණයන්ගේ දෙමව්පියන් කෝප්පායි පොලිසියට ගොස් එම තරුණයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ඔවුන්ව තමන් වෙත භාර දෙන්නැයි ඉල්ලා සිටි නමුත්, ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය බැවින් ඔවුන්ගේ අනුමැතියකින් තොරව තරුණයන්ව නිදහස් කිරීමට නොහැකි බව පොලිසිය පවසා සිටි බවට දෙමව්පියන් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top