මැදවච්චිය ඉසිපතන මහා විද්‍යාලය නිල වශයෙන් සිසු අයිතියට

මැදවච්චිය ඉසිපතන මහා විද්‍යාලය නිල වශයෙන් සිසු අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) පස්වරුවේ පැවැත්වුණි.

දැනුම කේන්ද්‍රකරගත් සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාත් සභාවේ අරමුදල් මත රුපියල් දශ ලක්ෂ 160 ක මුදලක් වැයකරමින් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය තුළ මෙම විද්‍යාලය ඉදිකර තිබේ. එහි අධ්‍යාපන කටයුතු මේ වන විට ආරම්භ කර තිඛෙන අතර නව තාක්ෂණ විද්‍යාගාරය, පරිපාලන ඒකකය සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල විවෘත කරමින් පාසල නිල වශයෙන් සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විදුහල් භූමියේ නා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශාධිපති ආචාර්ය පූජ්‍ය කඩවත්ගම පියරතන හිමි සහ අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් ද විදුහල්පති නිමල් ගුණසේකර මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top