යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදී අද පෙරවරුවේ හය දෙනෙකු අත්අඩංගුවට

යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදී පොලිසියට පහරදීමේ සිද්ධියට සම්බන්‍ධ යැයි සැකපිට අද පෙරවරුවේ තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේ කොක්කුවිල් නන්දාවිල් අම්මන් මාර්ගයේදී කෝප්පායි පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට යතුරු පැදිවලින් පැමිණි දහයකට අධික පිරිසක් විසින් පහරදී තිබුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් මේ වන විට අවුරුදු 20 සහ 22 වයසති තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අද දින තවත් හය දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර පොලිසිය විසින් සොයමින් සිටින කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි වික්ටර් නිශාන්ද් නැමැත්තා ද ඇතුලත් බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top