ඉන්දිය ධීවරයන්ව නිදහස් කරන්නැයි තමිල්නාඩුවේ විරෝධතා

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ධීවරයින් ධීවර කටයුතුවලින් වැලකී විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

තමිල්නාඩු රාමනාදන්පුරම් ධීවරයින් විසින් අද (9) දින සිට මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (8) දින මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ධීවර යාත්‍රා 12ක්ද සිය භාරයට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top