එක්සත් ජාතීන් සංවිධානයට පූර්ණ සහාය ලබා දෙනවා – TNA

antonio-guterres-1 ඇන්ටෝනියෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනු ලබන ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් ලෙස පත්වූ ඇන්ටෝනියෝ ගුටේරස් මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව තුළ ස්ථාවර සාමයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනු ලබන ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, නැවත ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇති නොවීම වෙනුවෙන් කටයුතු කිරීම, යුද්දයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම යනාදි ක්‍රියාවන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැන්කී මූන් මහතා ගෙන ගිය ක්‍රියාදාමය අඛණ්ඩව සිදුකරන ලෙස ආර්.සම්බන්ධන් මහතා නව මහලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top