චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් විද්වත් හමුවක්

චීනය හා ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (09) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කෙරුණු විද්වත් හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එඩ්වින් ආරියදාස, නිහාල් රොද්‍රිගෝ, බර්නාඩ් ගුණතිලක යන මහත්වරුන් ද මෙම විද්වත් හමුව ඇමතූ අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top