‘ත්‍රස්තවාදයට එරෙහි ශුද්ධ වූ යුද්ධයට එක්වන්න’ –

_91935943_mediaitem91935942ත්‍රස්තවාදයට එරෙහි ශුද්ධ වූ යුද්ධය වෙනුවෙන් එක්සත් වන ලෙස රුසියාවේ ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජකවරයා සියලු රටවලින් ඉල්ලා සිටී. පූජ්‍ය පැට්‍රියාච් කිරිල් පියතුමා එම ඉල්ලීම කළේ සිය බ්‍රිතාන්‍ය නිල සංචාරය අවසානයේ අදහස් දක්වමිනි.

සිය සංචාරය අතරතුර පූජ්‍ය කිරිල් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින සහ ඇන්ග්ලිකන් පල්ලියේ ජ්‍යෙෂ්ඨතම පූජක ධුරය දරන කැන්ටබරිහි අගරදගුරු හිමියන් ද හමු වූහ. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් හා සමීප සබඳතා පවත්වන පූජ්‍ය කිරිල්, සිරියාව තුළ ක්‍රියාත්මක ජනාධිපති පූතින්ගේ හමුදාමය මැදිහත්වීම අනුමත කරයි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ගෙන ගිය යුද්ධය හා සමාන බව පූජ්‍ය කිරිල්ගේ අදහසය. කෙසේනමුත් මොස්කව් අගනුවර බීබීසී වාර්තාකරු කියාසිටින්නේ ඒ සම්බන්ධයෙන් වෙනස් අදහසක් දරන බටහිර රටවල් සිරියාවේ සාමාන්‍ය වැසියන් වෙසෙන කලාප ඉලක්කකොට බෝම්බ හෙලන බවට රුසියාවට චෝදනා කරන බවය.

එවැනි චෝදනා නගන බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඒ සම්බන්ධයෙන් යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි යෝජනා කරති.

-bbc.com/sinhala
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top