මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් බෙදාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ ඇඹිලිපිටිය ගම්උදාව ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව ගොවී ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීම මෙහිදී සිදු විය.
අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාල, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුලු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image may contain: 7 people
Image may contain: 8 people, people smiling, people sitting

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top