විෂන් කෙයාර් දෘෂ්ටි විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් කිලිනොච්චිය හමුදා සෙබළුන්ගේ ප්‍රධානත්වයෙන් 200 දෙනෙකුට ඇස් කණ්නාඩි බෙදාදී තිබේ. අද (12) දින කිලිනොච්චිය ඉරණමඩු නෙළුම් පියස ශාලාවේදී පැවැති උත්සවයකදී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ඇස් කණ්නාඩි භාවිතා කිරීමට නිර්දේශ කර ඇති 200 දෙනෙකුට ඇස් කණ්නාඩි බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික්ක හමුදා ආඥාපති මේජර් ජනරාල් අජිත් කාරියකරවන මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවූහ.


