නිති විරෝධී ලෙස රත්‍රන් තොගයක් රටින් පිට ගෙන යෑමට තැත් කළ ඉන්දිය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රත්‍රන් තොගයක් ශරීරයේ සඟවාගෙන රටින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොල ඇතුලු වීමේ පර්යන්තයේ දී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී රත්‍රන් ග්‍රෑම් එකසිය දාහතක් සොයාගෙන තිබෙන අතර, ගුවන්තොටුපොළ රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.