නිට්ටඹුව ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් පොලිසියෙන් වටලයි

නිට්ටඹුව උදම්විට ප්‍රදේශයේ කුලි නිවසක් තුල කාමරයක ඉතා සුක්ෂමව කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත් පැන් නිෂ්පාදනාගාරයක් වැටලු පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද ගොඩා පිරව් ටැංකි දෙකක් , යකඩ බැරල් තුනක් ,ගෑස් ලිප් එකක් හා දගර කම්බියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර නිට්ටඹුව අලවල ප්‍රදේශයේ කැලෑබදව කන්දක් උඩ පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගෝඩා බැරල් හයක් , ගෑස් සිලින්ඩරයක්, ගැස්ලිපක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top