විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය ලබන 17 වනදාට

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනිද්දා (17) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී අවසන් තීරණයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා අවධාරණය කරයි.

මෙම විශ්වාස භංග යෝජනාය සම්බන්ධයෙන් තනි තීරණයක්‌ ගැනීමට නොහැකි අතර ඒ සදහා පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් සමඟ සාකච්ඡා කර නිසි උපදෙස් ලබාගත යුතුව අැති බවද නලින් බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top