කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මකයි

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ පළමු අදියර අද සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව, අද (15) මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප‍්‍රවාහන සේවා වන මගී බස් රථ, කාර්යාල ප්‍රවාහන සේවා රථ සහ පාසල් සේවා ඒක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.

පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා සතියේ දිනවලදී මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ ධාවනය කළ යුතු වන අතර එම වේලාවන්හි මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය කිරීම තහනම් කර තිබේ.

බස් රථ මංතීරු ක්‍රමයේ දෙවන අදියර ලබන 22 වනදා සිට ක්‍රියාත්මවීමට නියමිත අතර, එය කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වා සහ බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල මංසන්ධිය දක්වා නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top