ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීම අවසරලත් නිලධාරීන්ට පමණයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා පෙ.ව. 9.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වෙන අතර එම විභාග මධ්‍යස්ථාන තුළට අවසර නොලත් කිසිඳු පුද්ගලයකු ඇතුල්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

එසේම විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගත් පාසල්වල විදුහල්පති කාර්යාලය ද වසා තැබිය යුතු ය. එම පාසලේ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද ඇතුළුවීමට අවසර නැති බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙවර අයදුම්කරුවන් 356,728 ක් පෙනී සිටියි. විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493 ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,014 ක පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top