කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ධීවර ජැටි අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව පැවැසේ. පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයේ ධීවර ජනතාව මේ හේතුවෙන් බාධාවට පත්වී සිටිති.
පූනගර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය, කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති රැස්වීම්වලදී අදාළ ධීවර ජැටි අලුත්වැඩියා කර දෙන්නැයි දිගු කලක් තිස්සේ ඉල්ලා සිටින නමුත්, මෙතෙක් එය ගැන කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවැසේ.
එමෙන් දිස්ත්‍රික්කයේ පිහිටි ධීවර ජැටි සියල්ල කඩිනමින් අලුත්වැඩියා කර දෙන්නැයි ප්‍රදේශයේ ධීවර ජනතාව අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා තිබේ.