නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 7.5 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 578 ක් (කූඩැල්ලන් 1911 ක්), ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top