සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ආරක්‍ෂ ලේකම් හමුවෙයි..

සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා (Chief of Mission of the International Organization for Migration – IOM – Mr. Giuseppe Crocetti)ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

සුහද හමුවේදී ජෙසෙපි ක්‍රෝසෙටි මහතා සහ කපිල වෛද්‍යරත්න මහතා අතර සංක්‍රමණිකයන් පිළිබඳ ව ඇතිවන ප්‍රායෝගික ගැටළු මෙන්ම ශ්‍රී ලංකාවට බලපාන කරුණු පිළිබඳ ව සාකච්ඡා වූ අතර හමුව අවසානයේ සුහදතාව පළකරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

මේ අවස්ථාවට සංක්‍රමණය පිළිබඳ ව කළමනාකරණ ප්‍රධානී ශාන්ත කුලසේකර මහතා සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ ව ජාත්‍යන්තර උපදේශක ශරෝන් ග්‍රීන් මහත්මිය ද (International Consultant Ms. Sharon Green) සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top