නීති විරෝධි ලෙස පස් කැපු සිව් දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් පස් කපමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීරිගම තැලිගම ප්‍රදේශයේ පිහිටි විශාල පස් කන්දක් ආශ්‍රිතව මෙම පස් කැපීම් සිදුකර ඇති බව වාර්තාවේ.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය වටලා සැකකරුවන් සිව් දෙනෙකු සමඟ ඊට යොදාගත් යන්ත්‍ර සූත්‍ර කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පස් කැපීම හේතුවෙන් එම කන්ද නායයාමේ අවදානමකට ද ලක්ව ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top