ආනයනික සහල් වෙනුවෙන් පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට – රිෂාඞ් බදියුදීන්

ආනයනික සහල් වෙනුවෙන් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ජීවන වියදම් කමිටුවෙන් තීරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. වව්නියාවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බවත්, මෙමගින් මීට පෙර සහල් සඳහා පැවැති උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගික ජනතාවට සහල් ලබා දීමට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top