නාමල් රාජපක්‍ෂ FCID නිලධාරියෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියේ මූලික විමර්ශන වාර්තාව තීතිපතිට

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියේ මූලික විමර්ශන නීතිපති වෙත යොමුකර ඇති බව වාර්තාවේ.

පසුගිය 15වනදා සිය සොහොයුරු රෝහිත රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අවස්ථාවේ එම කොට්ඨාශයේ නිලධාරියෙකුට බැනවැදී තර්ජනය කළ බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නොතීසි නිකුත්කරන ලෙස පොලීසිය එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් ඇති බව එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා සදහන් කරන ලදි.

ඒ අනුව සිද්ධියට අදාළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් නීතිපති වෙත යොමුකර තිබේ. නීතිපති උපෙදස් ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන බවෙ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top