ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට ජාත්‍යන්තර ක්ෂ්මා ආයතනය විස්න ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි සම්මත කළ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැඩි උනන්දුවක් දැක්වීමට අවධාරණය කළ යුතු යැයි ඉල්ලා තිබේ. ලබන සැප්තැම්බර් මස එක්සත් ජාතීන් මානව හිමිකම් සභා රැස්වීම ආරම්භවීමට නියමිතය.
සත්‍යතාවය සෙවීම හා නීතිය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබාදිය යුතු බවත්, මුල්‍යම හා තාක්ෂණික සහාය ලබාදිය යුතු යැයි වැඩිදුරටත් ඉල්ලා තිබේ.