අධ්‍යාපනයෙන් රු.බිලියන 100ක් කප්පාදු කරලා – ළහිරු වීරසේකර

lakiruඅධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වෙන්කෙරුණු මුදල් ප්‍රමාණයේ කැපී පෙනුණු අඩුවීමක් දක්නට ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පවසයි.

ඔහු පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 100කට අධික ප්‍රමාණයක් කප්පාදු කර ඇති බවයි.

ඊයේ (21)පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ළහිරු වීරසේකර මේ බව කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු හෙතෙම පැවසුවේ කප්පාදු කළ මුදල් ප්‍රමාණය සොයාගැනීම ජනතාව මත පැටවීමට ආණ්ඩුව ඉදිරියේදී පියවර ගනු ඇති බවයි.

විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය 10%න් ඉහළ නැංවීමේ තීරණයක් ගෙන ඇති වාතාවරණයක් තුළ උසස් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් තවත් කප්පාදු කිරීම අර්බුදය තවත් උග්‍ර කරන බව ළහිරු වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top