මුස්ලිම් මස්ජිද් දෙකකට මැර ප්‍රහාරයක්

නාරම්මල පොලිස් වසමට අයත් පෙන්දෙනිගොඩ ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් මස්ජිද් දෙකකට නාඳුනන පිරිසක් විසින් පසුගිය 25 වනදා රාත්‍රීයේ ප්‍රහාරයක් එල්ල කර තිබේ. සිද්ධියෙන් මස්ජිදයට දැඩි අලාභ හානි සිඳුව ඇති අතර, එක් මස්ජිදයක මැරයන් විසින් මුත්‍රා කර අපවිත්‍රා කර ඇති බවද වාර්තාවේ.

මෙම මැර ප්‍රහාරය සම්බන්‍ධයෙන් මස්ජිද් පරිපාලකයන් විසින් නාරම්මල පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top