කටුනායකට නල මාර්ගයෙන් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවලට මහා මාර්ග අමාත්‍යංශයෙන් විරෝධය

කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ධන ලබාදීම නල මාර්ගයක් හරහා සිදු කිරීමට ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම්. වායු පිළිබඳ අමාත්‍යංශය ගත් තීරණයට මහා මාර්ග අමාත්‍යංශය සිය විරෝධය පළ කර තිබේ. අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ පද්ධතිය යෙදීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් ඊට මහා මාර්ග අමාත්‍යංශය සිය විරෝධය පළ කර ඇති බැවින් ගැටලූව විසඳා ගැනීම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ සහය අපේක්ෂා කරන බවයි ඛනිජ තෙල් අමාත්‍යංශය පවසා තිබේ.

දැනට මුතුරාජවෙල සිට කටුනායක දක්වා දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කරන අතර, එහි ඉල්ලුම් වැඩීවමත් සමග දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීම ප්‍රායෝගික නොවන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top