කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් – බරපතල තුවාල ලැබූ කාන්තාවක් රෝහලට

කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ වෙළඳසැලක් තුල ඊයේ (27) දින පස්වරුවේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳසැල තුළ සිටි කාන්තාවක් ගින්නට හසු වී පිළිස්සි කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

එම කාන්තාව වෙළඳාමේ යෙදී සිටියදී ගින්න පැතිර ගොස් තිබේ. ගින්න වේගයෙන් පැතිරීමත් සමග වෙළඳසැලේ සහ නිවසේ බඩු භාණ්ඩ සියල්ල විනාශයට පත්ව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ අතර, ගින්න ද මැඩපවත්වා තිබේ.

වෙළඳසැල තුළ සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක පළකරන අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශණ ආරඹා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top