යාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය : පොලීසියේ 5ක් රිමාන්ඩ්

court- නියෝග- අධිකරණයයාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් පස්දෙනා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්. සදීෂ්වරන් මහතා නියෝග කර තිබේ.

යාපනය කොක්කුවිල්, කුලප්පිට්ටි ප්‍රදේශය අසල පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සරසවි සිසුන්ට කළ වෙඩි තැබීමකින් නඩරාජා ගජන් (23), පවුන්රාජ් සුලක්‍ෂන් (24) යන සිසුන් දෙදෙනා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් ඊයේ සිකුරාදා දින යාපනය පොලිස් ස්ථානයේ නිළධාරිහු වන සරත්තිස්ස, ජෙයවර්ධන, චන්දන, ලංකාමන්, සහ නවරත්තින යන පිරිසට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ව අද සෙනසුරාදා (22) දිනයේ යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී සැකකරුවන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top